Previous
Next

සොරණාතොට ප්‍රාදේශීය සභා නිළ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු

සොරණාතොට ශ්‍රී ලංකාවේ ඌව  පලාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නගරයක් වන අතර එය බදුල්ල සිට කි.මී. 5 ක් පමණ දුරින් පිහිටා ඇත. සොරණාතොට ප්‍රාදේශීය සභාව සෑදී ඇත්තේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හා   ග්‍රාම නිලධාරී වසම් 25කිනි. එයට අයත් මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මී. 79 ක්  වේ. 1987 අංක 15 දරන පනත අනුව මෙම ප්‍රාදේශිය සභාව ස්ථාපිත කර ඇත.

දැක්ම

අද අපගේ කැපවීම හෙට ඔබගේ සමෘද්ධියටයි

මෙහෙවර ප්‍රකාශය

සොරණාතොට ප්‍රාෙද්ශීය සභා බල ප්‍ර දේශය තුල මහජන සෞඛ්‍ය,පොදු මංමාවත් හා උපයෝගිතා සේවාවන් මෙන්ම ජනතාවගේ සුඛ  විහරණය,පහසුව,සුභ සාධනය ඇතුළු සියළු පහසුකම් හා ජන අභිවෘද්ධිය සැළසීම සඳහා ප්‍රවේශයන් තුල සම්පත් කාර්යක්ෂම ලෙස හා ඵලදායි ලෙස යොදා ගනිමින් සුහඳ හා මිත්‍රශීලී සේවාවන් සැපයීම සහතික කිරීම.

සභාපතිතුමියගේ පණිවිඩය

“ අද අපගේ කැපවීම හෙට ඔබගේ සමෘද්ධියටයි ” තේමා කරගත්  ශීග්‍රයෙන් වර්ධනය වන සොරණාතොට  ජනතාවගේ පොදු පහසුකම් වැඩිදියුණු කිරීම , සොරණාතොට බල ප්‍රදේශයේ ජනතාවගේ පොදු යටිතල පහසුකම් සංවර්ධනය සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මගේ ප්‍රධාන අරමුණයි.

පුවත් කවුලුව

වැදගත් සථාන